ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(29) නිවේදනය කෙරුණා.

ඒ අනුව එම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 10 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට ද එක් වීමට නියමිතයි.

අනතුරුව පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...