බංග්ලාදේශය පිට පිට තෙවැනි පරාජයත් ලබද්දී කොදෙව්වන්ට බලාපොරොත්තුවක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සිය පළමු ජයග්‍රහනය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, සුපිරි 12 වටය යටතේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැති මෙවර තරගාවලියේ 23 වන තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගයෙන් පරාජයට පත් වූ බංග්ලාදේශය මේ වන විට සුපිරි 12 වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්ව තිබෙනවා.

සාජාහී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස් කරමින්.

මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් ලකුණු 4කට දැවී ගිය අතර, එවින් ලුවිස් ලකුණු 6කට දැවී ගියා.

අද තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් රොස්ටන් චේස් ලකුණු 39(46)ක් ද, නිකලස් පූරාන් පන්දු 22කින් වේගවත් ලකුණු 40ක් ද වාර්තා කළා.

ඇන්ඩ්‍රි රසල් කිසිදු පන්දුවකට මුහුණ නොදීම දුවද්දී දැවී යාමකට හසුව දැවී යාම විශේෂත්වයක්.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කොදෙව්වන් ලකුණු 19ක් රැස් කිරීම තරගයේ ප්‍රතිපලයට බෙහෙවින් බලපානු ලැබුවා.

පන්දු යැවීමේ දී මහෙදි හසාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

ලිටොන් දාස් ලකුණු 44ක් රැස් කළ අතර, නායක මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රවී රාම්පෝල්, ජේසන් හෝල්ඩර්, ඇන්ඩ්‍රි රසල්, අකීල් හුසෙයින් හා ඩ්වේයන් බ්‍රාවෝ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...