කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද(26) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143ක්.

එවින් ලුවිස් පන්දු 35කින් ලකුණු 56ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමගින්.

නායක කිරන් පොලාඩ් ලකුණු 26යි. ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 35ක් වැය කරමින් ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි.

පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. කේෂාව් මහරාජ් ලකුණු 24කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිමා නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 43ක් ද , ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 51(26)ක් ද ලබා ගත්තා.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 39යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...