ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් ජැෆ්නා කිංග්ස් සමග එක් වෙයි

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් හා පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන්.

ඩු ප්ලෙසිස් එම කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇත්තේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයා (Overseas Ican Player) ලෙසයි.

වහබ් රියාස් Overseas Diamond Player ලෙස ජැෆ්නා කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

පළමු අදියරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා, දෙවැනි අදියරේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බව මීට පෙර නිවේදනය කෙරුණා.

පළමු අදියරේ දී ස්ටෑලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වූ තිළිණ කන්ඩම්බි මහතා කිංග්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...