ඇෆ්ඝනිස්තාන දග පන්දුව හමුවේ ස්කොට්ලන්තයට අන්ත පරාජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ලකුණු 130ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තානය අද(25) සමත් වුණා.

ඔවුන් හමුවේ සාජාහී දී පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.

මෙම ජයග්‍රහනය ඇෆ්ඝනිස්තානය 20යි 20 තරගයකදී ලකුණු පරතරය අතින් වාර්තා කළ දැවැන්තම ජයග්‍රහනය ලෙසයි ඉතිහාසගත වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී පන්දුවාර 20 තුළ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 190ක්.

ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 54ක්.

මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 22(15)කට දැවී ගිය අතර, හස්රටුල්ලාහ් සසායි ලකුණු 44(30)ක් ලබා ගත්තා.

නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 34කින් හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින් ලකුණු 59ක් රැස් කළේ ඇෆ්ඝනිස්තානයට වේගවත් අවසානයක් ලබා දෙමින්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී Safyaan Sharif ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත පිතිකරුවන් ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වූ අතර, ඔවුන්ගේ ඉනිම පන්දුවාර 10.2ක් තුළ ලකුණු 60කට සීමා වුණා.

ජෝර්ජ් මන්සේ ලකුණු 25ක් ද, Chris Greaves ලකුණු 12ක් ද, Kyle Coetzer ලකුණු 10ක් ද වාර්තා කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මුජිබ් රෙහ්මාන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ පස්වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වනු ලැබුවා.

රෂීඩ් ඛාන් ලකුණු 9කට බිද හෙලූ කඩුලු ගණන 4ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...