ස්ටොක්ස් එංගලන්ත සංචිතයට කැදවයි

Date:

ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත එළඹෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කැදවා තිබෙනවා.

මීට පෙර නම් කෙරුණු එංගලන්ත ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත්ව තිබුණේ නැහැ.

පසුගිය කාලයේ දී ස්ටොක්ස් මානසික සෞඛ්‍යට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව ඉවත් වූ අතර, අප්‍රේල් මාසයේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක ආබාධයක් ද සිදුව තිබුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී යි.

මෑතකදී ඔහුගේ එම ඇගිල්ලෙහි දෙවන ශල්‍යකර්මය ද සිදු කරනු ලැබුවා.

මෙම හේතු නිසා ඔහුට මෙවර 20යි 20 ලෝක කුසලානයට ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ජූලි 26 වනදා සිට ඔහු කිසිදු ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොතිබීම විශේෂත්වයක්.

එංගලන්ත අලුබදුන සංචිතයේ ක්‍රීඩකයින් නොවැම්බර් 4 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වන්නේ දෙසැම්බර් 8 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී යි.

Squad:

Joe Root (C), James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Rory Burns, Jos Buttler, Zak Crawley, Haseeb Hameed, Dan Lawrence, Jack Leach, Dawid Malan, Craig Overton, Ollie Pope, Ollie Robinson, Ben Stokes, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...