කුමාරට හා දාස්ට අයි.සී.සීය දඩ හා දඩුවම් ලකුණු පනවයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට හා බංග්ලාදේශ පිතිකරු ලිටොන් දාස්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ(24) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන්.

කුමාර විසින් ලිටොන්ව දවා ගැනීමෙන් අනතුරුවයි එම උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ.

ඒ අනුව තරග තීරකවරයා වූ ජවගල් ශ්‍රීනාත් විසින් ළහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් හා ලිටොන් දාස්ට 15%ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඊට අමතරව ඔවුන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු එක බැගින් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩකයින් දෙදෙනාම සිය වරද පිළිගෙන ඇති බවත්, ඒ හේතුවෙන් සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොවන බවත්, අයි.සී.සීය නිවේදනය කළා.

මෙම විනය විරෝධී හැසිරීම අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු කාණ්ඩයේ වරදක් ලෙසටයි සදහන්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...