මම PCR 300ක් විතර කළා, රටවල් පහටම එරෙහි සැලසුම් හදලයි මම යන්නේ : මහේල

Date:

පසුගිය වසර දෙකක කාලය තුළ දී තමා PCR පරීක්ෂණ 250කට 300කට පමණ මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

cricwire වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලියේ පළමු වටයේ තරග සදහා පමණක් මහේල ජයවර්ධන කණ්ඩායම සමග උපදේශක ලෙස රැදී සිටි අතර, ඉදිරි තරග සදහා ඔහු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින්නේ නැහැ.

කෙසේ වෙතත්, තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ තමා ඉදිරියටත් කණ්ඩායම සමග සම්බන්ධ වන බවයි ඔහු කියා සිටියේ.

තමා කණ්ඩායම රැදී සිටි ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්වුණේ සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින සියලු කණ්ඩායම්වලට එරෙහි සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව බව ද මහේල සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...