ශ්‍රී ලංකා – බංග්ලාදේශ නව තරග කාලසටහන ගැන සාකච්ඡා ඇරඹේ

Date:

කල් දැමීමට කටයුතු කෙරුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නව කාලසටහන කඩිනමින් සකස් කර අවසන් කිරීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශයේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පවතින බැවින් එරට ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයේ දී ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීම පසෙකලා සිදු කිරීමට නියමිත වූ ජාත්‍යන්තර තරග සංචාර කෙරෙහි අවධානය යොමු කර ඇති බව සදහන්.

ආසියානු කුසලාන තරගාවලිය සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ගෙන ඇති තීරණ හේතුවෙන්, මීට පෙර කල් දැමුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඉදිරියේ දී සිදු කිරීමේ වැඩි අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා.

ශ්‍රී ලංකා තරග සංචාරය හැරුණු විට, කොරෝනා වසංගතය හේතුවෙන් පාකිස්තාන සහ අයර්ලන්ත තරග සංචාර ද කල් දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිදු වුණා.

එමෙන්ම එරට දී පැවැත්වීමට නියමිත වූ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත තරගාවලි ද කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...