තාක්ෂණික පැත්තට වඩා මහේල ක්‍රීඩකයින්ගේ ඔලුවයි හදන්නේ : තීක්ෂණ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන පත් වීමෙන් අනතුරුව කණ්ඩායම තුළ ධනාත්මක ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් අයර්ලන්තය පරාජයට පත් කරමින් ලකුණු 70ක ජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම ජයග්‍රහනයත් සමගින් ශ්‍රී ලංකාව සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලැබූ අතර, A කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන නෙදර්ලන්ත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

තාක්ෂණයට වඩා ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය නිවැරැදි තත්ත්වයට ගෙන ඒමට මහේල ජයවර්ධන කටයුතු කරන බවයි මහීෂ් තීක්ෂණ සදහන් කළේ.

පැහැදිලි මානසිකත්වයකින් තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මහේලගේ පැමිණීමත් සමග හැකියාව ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...