ලකුණු 70ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 8 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 70ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

  • SL 171/7 (20)

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් අසාර්ථක වූ අතර, ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 8කට දැවී ගියා.

කුසල් ජනිත් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ලකුණු නොලබායි. අනතුරුව දිනේෂ් චන්දිමාල් ලකුණු 6කටත්, අවිශ්ක ප්‍රනාන්දු පළමු පන්දුවෙනුත් දැවී ගියා.

අනතුරුව 4 වැනි කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා වනිදු හසරංග පන්දු 82කින් ලකුණු 123ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගුවා.

වනිදු පන්දු 47කින් ලකුණු 71ක් වාර්තා කළේ හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්.

පැතුම් හයේ පහරක් හා හතරේ පහර 6ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තේ පන්දු 47කින්.

ඉනිමට සාර්ථක අවසානයෙක් ලබා දුන් දසුන් ශානක පන්දු 11කින් ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.

  • IRE 101 (18.3)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

නායක Andy Balbirnie ලකුණු 41ක් හා Curtis Campher ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ළහිරු කුමාර ලකුණු 22කට දවා ගත් කඩුලු ගණන 2ක්.

චාමික කරුණාරත්න ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලුවා.

දුෂ්මන්ත චමීර ලකුණු 16කට කඩුල්ලක් හා වනිදු හසරංග ලකුණු 12කට කඩුල්ලක් දවා ගත්තා.

වනිදු හසරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...