මොකද්ද මේ A1 හා B1 ප්‍රශ්නය? ලංකාවට වෙන්නේ මොකද්ද?

Date:

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව මෙතෙක් පැවති නීතියක් සංශෝධනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මෙවර තරගාවලියේ පළමු වටයේ දී A කාණ්ඩයේ හා B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම කුමක් වුවත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගතහොත් එම කණ්ඩායම් දෙකට A 1 තත්ත්වය හා B 1 තත්ත්වය හිමිවන බවයි.

එනම්, ශ්‍රී ලංකාව හා බංග්ලදේශය සිය කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත්ත ද ඔවුන් සුපිරි 12 වටයේ දී සලකනු ලබන්නේ A 1 හා B 1 ලෙසයි.

එම නීතිය ප්‍රකාරව ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයට ද බංග්ලාදේශය සුපිරි 12 වටයේ දී දෙවන කාණ්ඩයට තේරී පත්වීමට නියමිතව තිබුණා.(කාණ්ඩයේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගතහොත්)

කෙසේ වෙතත් අද දිනයේදී අයි.සී.සීය නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ලබා දී තිබූ එම ප්‍රමුඛතාවය අවලංගු කර ඇති බවයි.

ඒ අනුව A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම ලෙස A1 හා B1 තත්ත්වය ලබා දෙනු ලබන්නේ ප්‍රසාද ලකුණු මත පදනම්ව එම කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායමටමයි.

දෙවන ස්ථානය ද එනම් A2 හා B2 තත්ත්වයන් ඒ ආකාරයෙන්ම තීරණය වනු ඇති. එනම්, එම කාණ්ඩවල දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමටයි A2 හා B2 තත්ත්වයන් හිමි වන්නේ.

A කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම (A 1) පළමු කාණ්ඩයටත් (Group 1), දෙවැනි ස්ථානය (A 2) දිනා ගන්නා කණ්ඩායම දෙවන කාණ්ඩයටත් (Group 2) තේරී පත් වනු ඇති.

B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම (B 1) දෙවැනි කාණ්ඩයටත් (Group 2), දෙවැනි ස්ථානය (B 2) දිනා ගන්නා කණ්ඩායම පළමුවන කාණ්ඩයටත් (Group 1) තේරී පත් වනවා.

නව නීතිය අනුව ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණ දිනා ගතහොත් පළමු කාණ්ඩයට තේරී පත්වන අතර, දෙවැනි ස්ථානය දිනා ගතහොත් දෙවැනි කාණ්ඩයට තේරී පත් වීමට නියමිතයි.

Super 12 –
Group 1 :
England, Australia, South Africa, West Indies, A 1, B 2

Group 2 :
India, Pakistan, New Zealand, Afghanistan, A 2, B 1

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...