පළමු දින දෙකෙන් පසු ප්‍රසාද ලකුණු සටහන මෙන්න; බංග්ලාදේශයට අද තීරණාත්මක තරගයක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැති පළමු දින දෙක මේ වන විට නිමාවට පත්ව තිබෙනවා.

තරගාවලියේ පළමු වටයේ තරග මේ වන විට පැවැත්වෙන අතර, එහිදී රටවල් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ කරනවා.

මේ වන විට A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත්තේ නැමීබියාව සමග පැවැති තරගය කඩුලු හතකින් ජය ගැනීමත් සමඟයි.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය අයර්ලන්තයට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා ඇති අතර දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවට හිමි දළ ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වන්නේ +2.607ක් ලෙසයි. අයර්ලන්තයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය +1.755ක්.

B කාණ්ඩයේ පෙරමුණ මේ වන විට ඕමානය විසින් හිමිකරගෙන සිටිනවා.

එහි දෙවන ස්ථානයෙහි ස්කොට්ලන්තය රැදී සිටින අතර, අද දිනයේ දී එම කාණ්ඩය යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එහිදී ස්කොට්ලන්තය හා පැපුවා නිව් ගිනියාව මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය බංග්ලාදේශය හා ඕමානය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගවලින් ස්කොට්ලන්තය හා ඕමානය ජය ගතහොත් බංග්ලාදේශයට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

(තරගයෙන් තරගය යාවත්කාලීන වන ප්‍රසාද ලකුණු සටහන අපගේ වෙඩ් අඩවියෙන් ලබා ගත හැක.)

පළමු දින දෙකෙන් පසු ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...