ශ්‍රී ලංකාව පළමු තරගයට කලු පටි පළදියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(18) ක්‍රීඩා කරන පළමු තරගයේ දී සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය හේතුවෙන්.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වර්ණපුර මහතා මියයන විට 68 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද මේ වන විට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටින අතර, එම තරගය සදහා ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එක්ව සිටින්නේ කලු පටි පැළදගෙනයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...