T20 ලෝක කුසලානය : ශ්‍රී ලංකාව අද නැමීබියාවට එරෙහිව තරග බිමට

Date:

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වෙනවා.

නැමීබියාවට එරෙහිව එම තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ක්‍රීඩාංගනයේදීයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර එහිදී ඔවුන් නැමීබියාවට අමතරව අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වැදීමට නියමිතයි.

රටවල් හතරක් ඇතුළත් A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගනු ඇති.

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගතහොත් ඔවුන් එක් වන්නේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය වෙතයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් පත් වනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන නැමීබියාව ද කිසිසේත්ම සුළුවෙන් තැකීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති.

නැමීබියාව මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර තරග 22ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 18ක් ම ඔවුන් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අද තරගය පැවැත්වෙන තණතීරුව දග පන්දු යවන්නන්ට තරමක් උචිත වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනා කවුරුන් වේවිදැයි තවමත් පැහැදිලි නැහැ.

බොහෝ විට පැතුම් නිස්සංක සමගින් කුසල් ජනිත් පෙරේරා අද තරගයේ දී ඉනිම ආරම්භ කිරීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...