ස්කොට්ලන්තයෙන් පෙරළියක්; බංග්ලාදේශයට ලකුණු 6ක පරාජයක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් බංග්ලාදේශය පරදා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත්වුණා.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ස්කොට්ලන්තය ජය වාර්තා කළේ ලකුණු 6කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගනිමින්.

ඔවුන්ගේ ඉනිමේ කඩුලු හයක් ලකුණු 53 ක් ව තිබියදී බිඳ වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව 7 වන කඩුල්ල සඳහා පන්දු 34කින් ලකුණු 51ක සබඳතාවයක් ගොඩ නැගීමට Chris Greaves  හා Mark Watt සමත් වුණා.

Greaves ලකුණු 45ක් හා Watt ලකුණු 22 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු George Munsey ලකුණු 29යි.

පන්දු යැවීමේදී මහෙදි හසාන් ලකුණු 19කට දවා ගත් කඩුලු ගණන 3ක්. ශකිබ් අල් හසන් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින්.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 38ක් හා ශකිබ් අල් හසාන් ලකුණු 20ක් රැස් කළා. නායක මහ්මුදුල්ලාහ් ලකුණු 23යි.

පන්දු යැවීමේ දී Brad Wheal කඩුලු 3ක් හා Chris Greaves කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...