20යි 20 ලෝක කුසලානය නිල වශයෙන් කල් දැමේ

Date:

ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත වූ 2020 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අද පැවැති අයි.සී.සී රැස්වීමේදී මේ පිළිබද අවසන් තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

2022 වසරේ දී ද පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇති.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...