IPL ශූරයින්ට හිමි වූ දැවැන්ත මුදල සහ සියලු සම්මාන හා මුදල් ත්‍යාග බෙදී ගියේ මෙහෙමයි

Date:

සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවයේ හිමිකරුවන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම බවට අභිශේක ගන්වමින් මෙවර IPL තරගාවලිය ඊයේ ( 15 ) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාව දුටුවා.

ඒ අනුව ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමටයි සිදු වුණේ.

ලොව දැවැන්තම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ශූරයින්ට හිමිවූ මූල්‍යමය ත්‍යාගය ද සුළු පටු නොවේ.

ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමි වූ මූල්‍යමය ත්‍යාගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 53.8 කට ආසන්න අගයක් වනවා.

අනුශූරතාවය දිනු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඉන්දිය රුපියල් කෝටි 12.5 ක මූල්‍යමය ත්‍යාගයක් හිමිවුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 33.6 කට ආසන්න මුදලක්.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ෆෆ් ඩු ප්ලෙසිස් විසින් දිනා ගත්තා. ඔහුට හිමිවූ මූල්‍ය ත්‍යාගය ඉන්දීය රුපියල් ලක්ෂ 5ක්.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමිවන තැබිලි පැහැති හිස්වැසුම චෙන්නායි ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් විසින් දිනා ගත්තා.

තරග 16 කද ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 635 ක්. ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඔහුට හිමිවුණා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැති හිස්වැසුම බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පටෙල් විසින් දිනාගත්තා.

ඔහු තරගාවලියේ දී බිඳ හෙලු සමස්ථ කඩුලු සංඛ්‍යාව 32 ක්. ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මූල්‍යමය ත්‍යාගයක් ඔහුට පිරිනැමුනා.

තරගාවලියේ හොඳම උඩ පන්දු රැක ගැනීම වෙනුවෙන් හිමිවන ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදල පංජාබ් කණ්ඩායමේ රවී බිශ්නෝයි විසිනුයි දිනා ගත්තේ.

තරගාවලියේ හොඳම ප්‍රහාරකයාට හිමි වූ සම්මානය දිනා ගනිමින් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදල හිමි වුණේ දිල්ලි කණ්ඩායමේ ශිම්රන් හෙට්මයර්ටයි. ඒ, 168.0ක පිතිකරණ වේගයක් රදවා ගැනීම හේතුවෙන්.

තරග වාරයේ තරග වෙනස් කරන්නා ( Game changer of the season ) සම්මානය සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලක් පිරිනැමුණු අතර, එය බැංගලෝර් ක්‍රීඩක හර්ශාල් පටේල් හට හිමි වුණා.

තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පංජාබ් නායක ලෝකේශ් රාහුල් විසින් ඒ සදහා පිරිනැමුණු ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදල දිනාගත්තා. තරගාවලිය පුරා ඔහු එල්ල කළ සමස්ථ හයේ පහරවල් ගණන 30 ක්.

Power player of the season සම්මානය කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වෙන්කටේශ් අයියර් විසින් දිනාගත්තා. ඔහුට හිමිවු ත්‍යාග මුදලත් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක්.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමිවන සම්මානය චෙන්නායි කණ්ඩායමට නිරතුරුවම ජයග්‍රාහී ආරම්භයක් ගෙන ආ 24 හැවිරිදි පිතිකරු රුටුරාජ් ගයික්වඩ් විසින් දිනාගත්තා. එම සම්මානය සදහා ඔහුට හිමි වූ මුදල ලක්ෂ 10ක්.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (තරගාවලියේ වීරයා) සම්මානය දිනා ගත්තේ බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පටෙල් විසින්. ඔහුට ඒ වෙනුවෙන් ලක්ෂ 10ක මුදලක් හිමි වුණා.

ක්‍රීඩාවේ ජීව ගුණය සදහා වන Fair play of the season සම්මානය රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට හිමිවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...