සිව්වැනි වරටත් IPL ශූරතාවය දෝනිගේ චෙන්නායි කණ්ඩායමට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින්.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කරමින්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 61ක සබදතාවයක් ගොඩ නැගීමට රුටුරාජ් ගයික්වඩ් හා ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වුණා.

ගයික්වඩ් ලකුණු 32(27)කට දැවී ගියා. රොබින් උතාපා පන්දු 15කින් වේගවත් ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 3ක් සමගින්.

මොයීන් අලී නොදැවී ලකුණු 37(20)යි. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩු ප්ලෙසිස් පන්දු 59කින් ලකුණු 86ක් වාර්තා කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

පන්දු යැවීමේ දී සුනිල් නාරායන් කඩුලු 2ක් හා ශිවම් මාවි එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුවා.

අයියර් ලකුණු 50(32)ක් වාර්තා කළ අතර, ෂුබ්මන් ලකුණු 51(43)ක් රැස් කළා.

කෙසේ වෙතත්, පසුව කොල්කටා මැදපෙල සියලු පිතිකරුවන් අසාර්ථක වුණා.

ආරම්භක පිතිකරුවන් හැරුණු විට ලකුණු 10 සීමාව පසු කළේ ශිවම් මාවි හා ලුකී ෆර්ගියුසන් පමණයි. මාවි ලකුණු 20ක් ලබා ගත් අතර, ෆර්ගියුසන් නොදැවී ලකුණු 18යි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 3ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පී.එල් ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවා. ඒ, 2010, 2011 හා 2018 යන වසරවලදීයි.

මේ අතර, කොල්කටා ඉනිම අතරතුර දී ෂුබ්මන් ගිල් එල්ල කළ පහරකින් පසුව පන්දුව ස්පයිඩර් කැමරාවේ රැහැනක ගැටී උඩ පන්දුවක් ලෙස රැක ගැනීමේ සිදුවීමක් ද දැක ගත හැකි වුණා.

ඒ හේතුවෙන් එය දැවී යාමක් ලෙස නොසලකා අජීවී පන්දුවක් ලෙස නම් කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...