2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ; 2023 තරගාවලිය පාකිස්තානයට

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා පවසනවා.

අද(15) ඩුබායිහී දී පැවැති එම කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.

ලබන වසරේ දී ආසියානු කුසලාන 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2018 වසරේ දී යි.

කොරෝනා වසංගතයත් සමග ඇති වූ තත්ත්වයන් මත අනතුරුව ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...