මැතිව්ස්ගේ කඩුලු 4 හා පවන්ගේ අර්ධ ශතකය හමුවේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(15) සමත් වුණා.

දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 228ක් රැස් කළා.

පවන් පතිරාජ අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ලකුණු 67(88)ක් ලබා ගනිමින්.

රවීන් ද සිල්වා ලකුණු 29ක් ද, සධීෂ රාජපක්ෂ ලකුණු 28ක් ද වාර්තා කළා. යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Ripon Mondol ලකුණු 59කට කඩුලු 3ක් ද, Ashikur Zaman ලකුණු 43කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 46.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

Aich Mollah ලකුණු 86ක් වාර්තා කළ අතර, Ariful Islam ලකුණු 38ක් රැස් කළා. Iftikher Hossain ලකුණු 16යි.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව්ස් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත් අතර, ශෙවොන් ඩැනියල් ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...