T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවට උරුම වූ සුවිශේෂී ලෝක වාර්තා 5

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි.

තරගාවලියට රටවල් 16ක් එක්වන අතර, ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව යනු 20යි 20 ලෝක කුසලාන තරගාවලියන් හී දී ඉතා ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ රටක් බව අමතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ.

2014 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය පවා දිනා ගත් ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී අනුශූරතාවය ද දිනා ගත්තා.

ශ්‍රී ලංකාව 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ තබා ඇති ලෝක වාර්තා ප්‍රමාණය ද සුළු පටු නොවේ.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව තබා ඇති එවැනි ලෝක වාර්තා කිහිපයක් පිළිබදවයි.

  • ජයග්‍රහන 22ක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හී දී වැඩිම තරග ප්‍රමාණයක් ජය ගෙන ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.

ඔවුන් 20යි 20 ලෝක කුසලාන තරග 35ක් ක්‍රීඩා කර ඉන් තරග 22ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

  • අවසන් තරග 3ක්

එමෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරග 3කට ක්‍රීඩා කළ එකම කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි.

  • 260/6

ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 260ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය අදටත් වාර්තා අතරට එක්ව ඇත්තේ 20යි 20 ලෝක කුසලාන තරගයක ඉනිමක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව එම දක්ෂතාවය දක්වනු ලැබුවා.

  • ලකුණු 8ට කඩුලු 6ක්

ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ද 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ඉනිමක ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වමින්.

2012 වසරේ දී හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ඔහු ලකුණු 8කට කඩුලු 6ක් දවා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

20යි 20 ලෝක කුසලාන තරගයක ඉනිමක කඩුලු 6ක් දවා ගත් එකම පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

ලෝක කුසලාන තරගයක දෙවැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේම රංගන හේරත් විසින් වීම ද විශේෂත්වයක්.

2014 තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 3කට දවා ගත් කඩුලු 5 යි එලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ.

  • 1,000

20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1,000 සීමාව පසු කළ පිතිකරුවන් සිටින්නේ එක් අයෙකු වීම ද විශේෂත්වයක්.

එම දක්ෂතාවය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක, වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධනයි.

මහේල ලකුණු 1,016ක් වාර්තා කර ඇත්තේ තරග 31කදීයි.

එම ලේඛනයේ දෙවැනි ස්ථානය ක්‍රිස් ගේල්ට හිමිව ඇති අතර, ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 920ක්. විරාට් කෝලි ලකුණු 777ක් ද, ඒ.බී. ඩි විලියස් ලකුණු 717ක් වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...