මෙවර IPL වෙන්දේසියේදි ඉහළම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් 10 දෙනා

Date:

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලියේ තවත් අදියරක් අදින් අවසන් වනවා.

මෙම තරගාවලිය අති දැවැන්ත මුදල් සම්බාරයක් හුවමාරුවන වේදිකාවක් බව ඔබ හොදින්ම දන්නා කරුණක්.

මේ නිසාම සෑම වසරකදීම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් තබනු ලබන ලංසු මුදල් සුලුපටු අගයක් ගන්නේ නැහෑ.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා පසුගිය 19 වැනිදා යළි ආරම්භ වූ මෙවර තරගාවලියේ දෙවන අදියර අදින් අවසන් වන මොහොතක, Hitwicket.lk අප මේ වසරේ IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළ ලංසු මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් 10 දෙනා සම්බන්ධයෙන් ඔබට යළි සිහිපත් කිරීමට තීරණය කළා.

මෙම ලයිස්තුවට ඇතුළත්ව රයිලි මෙරඩිත් සහ ජායි රිචර්ඩ්සන් යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වූ මෙවර තරගාවලියේ දෙවන අදියරට ක්‍රීඩා කළේ නැහෑ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින් තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් හට තැබූ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක ලංසු මුදල IPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයකු මිලදී ගත් ඉහළම මුදල ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර 2015 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදලකට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිං මිලදී ගෙන තිබූ අතර, මෙවර ක්‍රීඩක වෙන්දේසිය වනතුරු අයි.පී.එල් වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළ මිල වූයේ එයයි.

මෙවර වෙන්දේසියේ දී ඉහළ මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා –

10. ශිවම් ඩුබේ – රාජස්තාන් රෝයල්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 4.40 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 11.82 ක පමණ අගයක්)

09. ශාරුක් ඛාන් – පංජාබ් කිංග්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටී 5.25 යි. (එය ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 14.10 ක පමණ අගයක්)

08. ටොම් කරන් – දිල්ලි කැපිටල්ස්

අලෙවි වු මුදල ඉන්දීය රුපියල් කෝටි 5.25 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 14.10 ක පමණ අගයක්)

07. මෝයීන් අලී – චෙන්නායි සුපර් කිංග්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 7 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 18.8 ක පමණ අගයක්)

06. රයිලී මෙරඩිත් – පංජාබ් කිංග්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 8 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 21.48 ක පමණ අගයක්.)

05. ක්‍රිශ්නප්පා ගෞතම් – චෙන්නායි සුපර් කිංග්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 9.25 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 24.84 ක පමණ අගයක්)

04. ජායී රිචර්ඩ්සන් – පංජාබ් කිංග්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 14 යි. ( ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 38.26 ක පමණ අගයක්)

03. ග්ලේන් මැක්ස්වෙල් – රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 14.25 යි. (එය ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 38.33 ක පමණ අගයක්)

02. කයිල් ජෙමීසන් – රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 15 යි. (ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 40.28 ක පමණ අගයක්)

01. ක්‍රිස් මොරිස් – රාජස්තාන් රෝයල්ස්

අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 16.25 යි.(ශ්‍රී ලංකා මුදලින් රු. කොටි 43.64 ක පමණ අගයක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...