තමා සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වයි

Date:

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ(10) දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තමා අවධානය යොමු කර ඇතැයි ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, තමා ඉදිරි තරගාවලි සදහා වන තේරීම්වලට සලකා බලන ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මේ වන විට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ලබන 27 වනදා ආරම්භ වන දේශීය තරග වාරය සදහා ඔහු කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසුවන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...