නව නායකයෙකු සහිතව T 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන අවසන් සංචිතය අද(10) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ මොහොමඩ් නබීටයි.

මීට පෙර ලෝක කුසලානය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයේ නායකත්වය රෂීඩ් ඛාන්ට හිමිව තිබූ නමුත්, ඔහු එම සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු වේලාවකට පසුව නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.

ඒ, සංචිතයේ තේරීම් ක්‍රියාවලියට ඔහු සම්බන්ධ කර නොගත් බවට චෝදනා කරමින්.

පළමුව නම් කෙරුණු ප්‍රධාන සංචිතයට ශරෆුදීන් අශ්රෆ් හා දව්ලත් සඩ්රාන් ඇතුළත්ව සිටියද, මේ වන විට ඔවුන් දෙදෙනාට ප්‍රධාන සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ. ඔවුන් දෙදෙනාම අතිරේක ක්‍රීඩකයින් ලෙසයි නම් කර ඇත්තේ.

සංචිතයේ රැදී සිටි ශපූර් සඩ්රාන් හා කායිස් අහ්මඩ් ද ඉන් ඉවත් කර ඇති අතර, ඔවුන් අතිරේක ක්‍රීඩකයින් ලෙස ද නම් කර නැහැ.

ෆරිඩ් අහ්මඩ් ප්‍රධාන සංචිතයට කැදවීමටයි එරට තේරීම් නිළධාරීන් පියවර ගෙන ඇත්තේ.

සමිඋල්ලාහ් ශින්වාරි (Samiullah Shinwari) හා ෆසල්හක් ෆරූකි අතිරේක ක්‍රීඩකයින් ලෙස කැදවා තිබෙනවා.

Squad: Mohammad Nabi (capt), Rahmanullah Gurbaz (wk), Hazratullah Zazai, Usman Ghani, Mohammad Shahzad (wk), Hashmatullah Shahidi, Asghar Afghan, Gulbadin Naib, Najibullah Zadran, Karim Janat, Rashid Khan, Mujeeb Ur Rahman, Hamid Hassan, Fareed Ahmad, Naveen Ul Haq

Reserve players: Sharafuddin Ashraf, Samiullah Shinwari, Dawlat Zadran, Fazalhaq Farooqi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...