LPL තරගාවලියට ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයින් මෙන්න; Eliminator තරගයකුත් හදුන්වා දෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ලියාපදිංචි වී සිටින විදෙස් ක්‍රීඩකයින්ගේ නාම ලේඛනයක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය 7 වනදා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කෙරුණු අතර, ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් විවිධ රටවලින් අයැදුම් පත් යොමු කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 700කට ආසන්නයි.

ඒ අතරින් ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම් පත් කිරීමේ අවස්ථාවට (Draft) ක්‍රීඩකයින් 225 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර ඇති බව සදහන්.

ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ඇන්ඩ්‍රි රසල්, ක්‍රිස් ගේල්, ඩාවිඩ් මලාන්, ෂහිඩ් අෆ්රීඩි, ෂොයිබ් මලික්, ෆෆ් ඩු ප්ලෙසිස් වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

LPL තරගාවලියේදී එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු තෝරා ගත හැකියි.

ඒ අනුව LPL දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පළමු අදියරේ දී පැවැති අවසන් පූර්ව තරග ක්‍රමය වෙනුවට, දෙවැනි අදියරේ අවසන් වටයේ තරග සදහා එලිමිනේටර් (Eliminator) තරගයක් ද හදුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ සදහන් වන්නේ.

මෙවර තරගාවලියට ලියාපදිංචි වූ ප්‍රධාන ක්‍රීඩකයින් –

සිම්බාබ්වේ – සිකන්දර් රාසා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්.

බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වයින් ස්මිත්, දිනේෂ් රාම්ඩීන්, රොස්ටන් චේස්, ජොන්සන් චාල්ස්, කෙමා රෝච්, ෂායි හෝප්, කිරන් පවෙල්, රඛීම් කෝන්වෙල්, ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ජොන්සන් චාල්ස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ෆේබියන් ඇලන්, චැඩ්වික් වෝල්ටන්, ඇන්ඩ්‍රෙ රසල්, ලෙන්ඩ්ල් සීමන්ස්, ජෙරම් ටේලර්, කාලෝස් බ්‍රැත්වේට්, ශිම්රන් හෙට්මේයර්, අල්සාරි ජෝෂප්, ක්‍රිස් ගේල්.

බංග්ලාදේශය – මෙහෙඩි හසන්, සොහාග් ගාසි, ශෆියුල් ස්ලාම්, අෆීෆ් හොසේන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කේස්, එබොදත් හොසේන්, මහමුදුල්ලා.

පාකිස්තානය – අන්වර් අලී, මොහොමඩ් හෆීස්, ෆකාර් සමාන්, මොහොමඩ් ඉර්ෆාන්, අහමඩ් ෂේසාඩ්, සොහෙල් ටන්වීර්, ඉමාම් උල් හක්, උමර් අක්මාල්, කම්රන් අක්මාල්, ශෆ්‍රාස් අහමඩ්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි, හැරිස් සොහෙල්, ශහිඩ් අෆ්රිඩි, ෂොයෙබ් මලික්, මොහොමඩ් අමීර්, හසන් අලී, වහාබ් රියාස්.

දකුණු අප්‍රිකාව – බියෝන් ෆෝර්ටේන්, රිචර්ඩ් ලෙවී, වේන් පානෙල්, ඩ්වේන් ඔලිවර්, ඉම්රාන් තහීර්, ෆෆ් ඩු ප්ලෙසිස්, රාසි වැන්ඩර් ඩසන්, මෝර්න් මෝකල්.

ඉන්දියාව – යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන්, විනේ කුමාර්.

ඔස්ට්‍රේලියාව – ජේම්ස් ෆෝල්ක්නර්, ක්‍රිස් ලින්.

එංගලන්තය – ලොරී එවන්ස්, ලුක් රයිට්, ලියම් ප්ලන්කට්, ඩෑන් ලෝරන්ස්, සමිත් පටෙල්, ස්ටීව් ෆින්, ඩේවිඩ් මාලන්, අදිල් රශීඩ්, සෑම් බිලිංග්ස්, ඔලී රොබින්සන්, රවී බොපාරා.

නවසීලන්තය – මිචෙල් මැක්ලෙන්හම්, නීල් බෲම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...