T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත අවසන් සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන‍ අයර්ලන්තය සංචිතය අද(8) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මීට පෙර ඔවුන් පසුගිය මස 9 වැනිදා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබුණා.

ඊට ඇතුළත්ව සිටි Shane Getkate, Graham Kennedy හා Barry McCarthy ට අද ප්‍රකාශයට පත් කෙරුණු අවසන් සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති අතර, ඔවුන් තිදෙනා අතිරේක ක්‍රීඩකයින් ලෙසයි අයර්ලන්ත සංචිතයට එක්වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී ලබන 17 වනදා ආරම්භ වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 20 වනදායි.

The squad: Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Josh Little, Andrew McBrine, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Head Coach: Graham Ford.

Reserve players: Shane Getkate, Graham Kennedy, Barry McCarthy.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...