රාජස්ථානය ලකුණු 85කට සීමා කරමින් කොල්කටා පිල අවසන් වටයට ආසන්න වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වන තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 86කින් පරදා විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගනිමින්.

මේ වන විට රාජස්ථාන් රෝයල්ස්, පංජාබ් කිංග්ස් හා සන්රයිසස් හයිදරාබාද් යන කණ්ඩායම්වලට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව නිල වශයෙන් අහිමි වී ඇති අතර, ඒ සදහා අවස්ථාව ඇත්තේ කොල්කටා හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් සදහා පමණයි.

සාජාහි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

ආරම්භක කඩුල්ලට ලකුණු 79ක සබදතාවයක් ගොඩ නැගීමට ෂුබ්මන් ගිල් හා වෙන්කටේෂ් අයියර් සමත් වුණේ පන්දුවාර 10.5ක් තුළදීයි.

අයියර් ලකුණු 38කට දැවී ගිය අතර, ෂුබ්මන් ගිල් ලකුණු 56යි. රාහුල් ත්‍රිපාති ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස්, චේතන් සකාරියා, රාහුල් තෙවාටියා හා ග්ලේන් පිලිප්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට ආරම්භයේ සිටම දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොල්කටා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව ඔවුන්ට පන්දුවාර 16.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85ක් පමණයි. එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාවයි.

ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 13දී දැවී යාම විශේෂත්වයක්. ආරම්භක පිතිකරුවන් වූ යෂස්වි ජයිස්වාල් ලකුණු බින්දුවකටත්, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 6කටත්, නායක සංජු සැම්සන් ලකුණු 1කටත් දැවී ගියා. අනුජ් රාවත් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ග්ලේන් පිලිප්ස් රැස් කළේ ලකුණු 8ක් පමණයි.

ඉනිමට යම් තරමකින් හෝ ශක්තියක් වූ ශිවම් ඩූබේ ලකුණු 18ක් ලබා ගත් අතර, රාහුල් තෙවාටියා පන්දු 36කින් ලකුණු 44ක් රැස් කළා. තෙවාටියාගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ෂිවම් මාවි ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තා. ලුකී ෆර්ගියුසන් ලකුණු 18කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...