රාහුල්ගේ 98(42)* හමුවේ චෙන්නායි කණ්ඩායමට අන්ත පරාජයක්

Date:

කේ.එල් රාහුල් පන්දු 42කින් නොදැවී වාර්තා කළ වේගවත් ලකුණු 98 හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා පංජාබ් කණ්ඩායමට ලකුණු 135ක ඉලක්කයක් පමණක් හිමි වූ අතර, එම ඉලක්කය පන්දුවාර 13ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් දැවී සිටියදී පසු කර යාමට පංජාබ් පිල සමත් වීම විශ්ෂත්වයක්.

නායක රාහුල්ගේ ලකුණු 98ට හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් ඇතුළත්. ඔහු හැරුණු විට පංජාබ් ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ මයාන්ක් අගාර්වල් හා ඒඩ්න් මාක්‍රම් පමණයි. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 12ක් හා 13ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශාර්දුල් තාකූර් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් රැස් කළේ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ හුදෙකලා සටනින් ශක්තිමත් වෙමින්.

ඔහු පන්දු 55කින් ලකුණු 76ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමගින්.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

53 වන තරගයෙන් පසු ප්‍රසාද ලකුණු සටහන –

BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...