ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අවලංගු කෙරුණු හේතුව මෙන්න

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යෝජිත පාකිස්තාන තරග සංචාරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදු වෙමින් පවතින වෙනස්කම් හේතුවෙන්.

ඒ අනුව එක්දින තරග 3කින් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය මෙම මාසයේ දී සිදු නොවන අතර, එය ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කෙසේ හෝ සංවිධාන කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන අවධානය යොමු කර ඇති බව සදහන්.

1998 වසරේ සිට ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර තරගාවලි පවත්වා ඇතත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා මෙතෙක් පාකිස්තාන සංචාරයක නිරත වී නැහැ.

කෙසේ වෙතත්, 2005/06 තරග වාරයේ දී ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව එරට සංචාරයක නිරත වී තිබුණා.

පසුගිය වසරේ පෙරබවාරි/මාර්තු මාසවල පැවැති පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයකට ද ක්‍රීඩා කර නැහැ.

2022 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සදහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් 3 තෝරා ගැනීමේ අරමුණින් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා සිම්බාබ්වේහී දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළග අභියෝගය බවට එම තරගාවලිය පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...