ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වන තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.
එම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මුම්බායි කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියමින්.
තරගයෙන් පරාජයට පත් වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වන විට 7 වන ස්ථානයේ රැදී සිටිනවා.(ප්‍රසාද ලකුණු 10)
සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ යෂස්වි ජයිස්වාල් ලකුණු 12ක් ද, එවින් ලුවිස් ලකුණු 24ක් ද රැස් කළා.
ඩේවිඩ් මිලර් පන්දු 23කින් ලකුණු 15ක් වාර්තා කළ අතර, රාහුල් තෙවාටියා ලකුණු 12(20)යි.සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව අභිබවා යාමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී නේතන් කොල්ටර් නයිල් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තා. ජේම්ස් නීෂම් ලකුණු 12කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 8.2ක් පමණක් වැය කරමින් කඩුලු 2ක් දැවී ජයග්‍රහනය තහවුරු කළා.
ඉෂාන් කිෂන් පන්දු 25කින් ලකුණු 50ක් නොදැවී රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.
රෝහිට් ෂර්මා ලකුණු 22යි. පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා චේතන් සකාරියා කඩුල්ල බැගින් බිද හෙලුවා.
A look at the Points Table after Match 51 of the #VIVOIPL 👇 #RRvMI pic.twitter.com/VwyvG4FKfP
— IndianPremierLeague (@IPL) October 5, 2021

