ඉන්දු – පාකිස්තාන තරගයේ ප්‍රවේශ පත්‍ර පැය කිහිපයකින් අලෙවි වී අවසන්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව තිබෙනවා.

ඊයේ(3) දිනයේ දී ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කළ බවට ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර පැය කිහිපයක් තුළ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

20යි 20 ලෝක කුසලානය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ලබන 24 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

https://www.t20worldcup.com/tickets යන ඔන්ලයින් මාර්ගය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට උදා වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

ඕමානයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර පිළිවෙලින් ඕමාන් රියාල් 10 (රුපියල් 5,187) සිට හා එක්සත් අරාබි එමීර් ඩිරාම් 30 (රුපියල් 1,631) සිට මිලදී ගත හැකියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග නැරඹිය හැකි වන්නේ ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 70%ක් පමණ වන ප්‍රේක්ෂකයින් පිරිසකට පමණයි.

ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග ප්‍රේක්ෂකයින් 3,000කට නැරඹිය හැකියි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...