චෙන්නායි පරදා දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමි කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 50 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

Chennai Super Kings XI:

F du Plessis, R Gaikwad, M Ali, A Rayudu, R Uthappa, MS Dhoni* (wk), R Jadeja, DJ Bravo, S Thakur, D Chahar, J Hazlewood

Delhi Capitals XI:

S Dhawan, P Shaw, S Iyer, R Pant* (wk), R Patel, S Hetmyer, A Patel, R Ashwin, K Rabada, A Khan, A Nortje

  • CSK 136/5 (20)

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිතිකරුවන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දිල්ලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 10කටත්, රුටුරාජ් ගයික්වඩ් ලකුණු 13කටත් දැවී ගියා. රොබින් උතාපා ලකුණු 19ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 5කට දැවී ගියා. ඉනිමේ ගැළවුම්කාරයා බවට පත් වූ අම්බටි රයිදු පන්දු 43කින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්. නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 18(27)කට දැවී ගියා.

ඒ අනුව චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

  • DC 139/7 (19.4)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ප්‍රිත්වි ෂෝ ලකුණු 18කටත්, ශිකර් ධවාන් ලකුණු 39කටත් දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් රැස් කළේ ලකුණු 2ක් පමණයි. නායක රිෂාබ් පාන්ට් ලකුණු 15ක් රැස් කළා.

රිපාල් පටෙල් ලකුණු 18ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 2ක් ද ලබා දැවී ගියා. අක්සාර් පටෙල් ලකුණු 5යි.

දිල්ලි ඉනිම ජයග්‍රහනය කරා රැගෙන ගිය ශිම්රන් හෙට්මයර් පන්දු 18කින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින්. කාගිසෝ රබාඩා තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හතරේ පහරක් වාර්තා කරමින් තරගයේ ජය දිල්ලියට හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 13කට කඩුලු 2ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගත්තා.

ප්‍රසාද ලකුණු සටහන –

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...