ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර දසුන් පැවසූ දේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලිය ද ලෝක කුසලානයේ සූදානම සදහා ඉතා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) ඕමානය බලා පිටත්ව ගිය අතර, ඊට පෙර අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

“මුලින්ම මූලික වටයේ තරග 3 ජය ගැනීම තමයි සැලසුම වෙලා තියෙන්නේ. ඉතිං ඒ තරග 3 ජයග්‍රහනය කරලා ප්‍රධාන තරගාවලියට (සුපිරි 12) ගිහිල්ලා ඒ ප්‍රධාන තරගාවලියේ තියෙන තරග පියවරෙන් පියවර ගිහිං ජයග්‍රහනය කරන්න තමයි බලාපොරොත්තුවෙන්නෙ.” යනුවෙන් දසුන් කියා සිටියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ද උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් ද මෙහිදී දසුන් ශානක සුබවාදීව අදහස් පල කළා.

“අපි දන්නවා ඔහු(මහේල) කොයි වගේ උපක්‍රමශීලී නායකයෙක් ද ක්‍රීඩකයෙක් ද කියලා. අයි.පී.එල් තරගාවලියෙන් පස්සේ කෙලින්ම අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. ඉතිං. ඒක ලොකු වාසියක් වෙයි කියලා හිතෙනවා.”

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...