ලෝක කුසලානයට පෙර රටවල් 3කට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ තරග කාලසටහන

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්.

ලෝක කුසලානයේ සුපිරි 12 වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරග 03 කට ක්‍රීඩා කර එම තරග වටය සාර්ථකව අවසන් කල යුතුයි.

පළමු වටයට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන කණ්ඩායම සමගින් විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම ලෝක කුසලානය සදහා මනා පෙරහුරුවක් වනු නොඅනුමාණයි.

ඕමානය සමග ක්‍රීඩා කරන ප්‍රථම විස්සයි විස්ස තරගය එළඹෙන 07 වනදාත්, දෙවන තරගය 09 වනදාත් පැවත්වීමට නියමිතයි.

එම තරග Sony TEN 2 නාලිකාව ඔස්සේ විකාශය කරන බවයි Sony Pictures Sports Network නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ පළමු වටයේ දී තරග නොකරන කණ්ඩායම් දෙකක් සමග ද ඔවුන් පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රථම පුහුණු තරගය ලබන 12 වනදා බංග්ලාදේශ කණ්ඩායම සමගත්, දෙවන පුහුණු තරගය ලබන 14 වනදා පැපුවා නිව් ගිනියාව සමගත් පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...