අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් සමගින් රුටුරාජ් ශතකය වාර්තා කළ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ සිය මංගල ශතකය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් සමත් වුණා.

ඒ, අබුඩාබි හී දී මෙරට වේලාවෙන් අද(2) රාත්‍රී 7.30 ආරම්භ වූ මෙවර තරගාවලියේ 47 වන තරගයේ දී යි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී රුටුරාජ් සිය ශතකය වාර්තා කළේ චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවේ දී වීම විශේෂත්වයක්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් සිය ශතකය (101) වාර්තා කළේ පන්දු 60කින්. ඊට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

ඔහුට සිය ශතකය වාර්තා කිරීමටනම් චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 5ක් ලබා ගත යුතුව තිබුණා.

මුස්ටර්ෆිසුර් රෙහ්මාන් යොමු කළ එම පන්දුවේ දී රුටුරාජ් ගයික්වඩ් සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...