ස්ටොක්ස් සහ සිබ්ලිගේ ශතක කොදෙව්වන් අසරණ කරයි – Day 2 Report

Date:

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ඊයේ (17) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි අල්සාරි ජෝසප් නොදැවී ලකුණු 14යි.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 12ක් ලබා සිටි ජෝන් කැම්ප්බෙල් දවා ගැනීමට සමත් වුණා.

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිම අත්හිටුවීමට ඊයේ තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 469ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩොම් සිබ්ලි ලකුණු 120ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු  176ක් ලබා ගත්තා.

සිබ්ලි රැස් කළේ සිය දෙවන ටෙස්ට් ශතකය වන අතර, ස්ටොක්ස් රැස් කළේ තම 10 වන ටෙස්ට් ශතකයයි.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 260ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5 ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 437ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...