කොරෝනා දෙවරක් වැළදුණු පාකිස්තාන ක්‍රීඩකයාට කණ්ඩායම හා එක් වීමට අවසර

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කෂිෆ් භට්ටිට එංගලන්ත තරග සංචාරයේ නිරත පාකිස්තාන සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග එක්වීමට අවසර ලැබී තිබෙනවා.

ඒ, ඔහු කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත්වීමත් සමගයි.

ඔහු එංගලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලෙස දෙවැනි වරටත් හදුනා ගැණුණා.

ඊට පෙර පාකිස්තානයේ දී ද ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන තිබූ නමුත්, පසුව පාකිස්තානයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් කොරෝනා වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි කෂිෆ් භට්ටිට එංගලන්ත තරග සංචාරයට එක්වීමට අවසර ලැබුණේ.

එංගලන්ත තරග සංචාරයට එක්වීම සදහා පාකිස්තාන ක්‍රීඩකයින් කොටස් 3ක් වශයෙන් පාකිස්තානයෙන් පිටත්ව ගිය අතර, එහි තෙවැනි කාණ්ඩයට කෂිෆ් භට්ටි ඇතුළත් වුණා.

කෙසේ වෙතත්, එංගලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස නැවතත් හදුනා ගැනීම හේතුවෙන් ඔහුට ස්වයං නීරෝධායනයට ද ලක් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...