IPL තරග කාලසටහනේ හදිසි වෙනසක්; තරග දෙකක් එකම වේලාවට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, සවස් කාලයේ දී එක් තරගයක් හා රාත්‍රී තරගයේ දී අනෙක් තරගය පැවැත්වීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින්.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක වන සන්රයිසස් හයිදරාබාද් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයත් ලබන 8 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කෙරෙනු ඇති.

මෙලෙස එක් වේලාවකදී තරග දෙකක් පැවැත්වෙන්නේ අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරටයි.

අදාළ තරග දෙක පිළිවෙලින් අබුඩාබි හීදී හා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණයට හේතුව කුමක්දැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...