පංජාබ් පැරද වූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි තැනට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 වන තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද මුම්බායි පිල සමත් වුණා.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුවෙන් පන්දු රැකීමටයි තිරණය කළේ.

Punjab Kings XI: KL Rahul, M Singh, C Gayle, N Pooran, D Hooda, A Markram, H Brar, N Ellis, R Bishnoi, M Shami, A Singh

Mumbai Indians XI: Q de Kock, R Sharma, S Tiwary, S Yadav, K Pandya, K Pollard, H Pandya, R Chahar, N Coulter-Nile, T Boult, J Bumrah

  • Punjab Kings 135/6 (20)

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් පිල කඩුලු 6ක් දැවී ලකුණු 135ක් රැස් කළේ ඒඩ්න් මාක්‍රම්ගේ ලකුණු 42න් සවිමත් වෙමින්.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 36දී දැවී ගියේ මන්දීප් සිං ලකුණු 15කට දැවී යාමත් සමගයි.

ක්‍රිස් ගේල් එක් ලකුණකටත්, කේ.එල් රාහුල් ලකුණු 21කටත් දැවී ගියා. නිකලස් පූරාන් රැස් කළේ ලකුණු 2ක් පමණයි.

ලකුණු 48දී 4 වන කඩුල්ල ද පංජාබ් කණ්ඩායමේ බිද වැටුණු නමුත්, මාක්‍රම් හා දීපක් හූදා 5 වන කඩුල්ලට ලකුණු 61ක සබදතාවයක් ගොඩ නැගුවේ පංජාබ් ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කරමින්. මාක්‍රම් ලකුණු 42කටත්, හූදා ලකුණු 28කටත් දැවී ගිය අතර, හර්ප්‍රීට් බ්‍රර් නොදැවී ලකුණු 14ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා කිරන් පොලාඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර, කෘනාල් පාන්ඩ්යා හා රාහුල් චහාර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

  • Mumbai Indians 137/4 (19)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිතිකරුවන් ඉනිම නිමා වීමට පන්දු 6ක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

රෝහිට් ෂර්මා ලකුණු 8කට දැවී ගිය අතර, සූර්යකුමාර් යාදෙව් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඒ, රවී බිෂ්නෝයිගේ පන්දු දෙකක් හමුවේයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 27යි. සෞරාබ් තිවාරි ලකුණු 45ක්, හර්ඩික් පාන්ඩ්යා පන්දු 30කින් නොදැවී ලකුණු 40ක් හා කිරන් පොලාඩ් පන්දු 7කින් නොදැවී ලකුණු 15ක් ලබා මුම්බායි මැදපෙල ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...