IPL ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා මේ වන විට කටයුතු සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරගාවලිය සැප්තැම්බර් අග සහ නොවැම්බර් අතර කාලයේ දී ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීමට තීරණය කළහොත් පමණක් අයි.පී.එල් තරගාවලිය මෙලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

අයි.පී.එල් තරගාවලියට යොදා ගත හැකි ක්‍රීඩාංගනන (සාජා, අබුඩාබි සහ ඩුබායි) සම්බන්ධයෙන් මේ වන විටත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරීන් සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ බළධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ද සදහන්.

අයි.පී.එල් කණ්ඩායම්වල හිමිකරුවන් අතර හමුවක් මෙම සතියේ දී පවත්වා ඇති අතර, එහිදී කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අයි.පී.එල් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීම සදහා කිසිදු පාර්ශවයක් අකමැත්ත පල කර නොමැති බවයි වාර්තා වන්නේ.

තරගාවලියට එක් වන ඉන්දීය ක්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය ආරම්භයට මාසයකට පමණ පෙර පුහුණු කටයුතු වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිත බව gulfnews වාර්තා කර තිබෙනවා.

මීට පෙර අයි.පී.එල් තරගාවලියේ 13 වන අදියරේ සත්කාරකත්වය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ද ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...