රෝයිගේ සුපිරි ප්‍රහාරය හා විලියම්සන්ගේ නායකත්වයේ ඉනිම හයිදරාබාද් පිලට ජය ගෙනෙයි

Date:

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ ජේසන් රෝයිගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වන තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(27) සමත් වුණා.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක –

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Rajasthan Royals XI:

E Lewis, Y Jaiswal, S Samson, M Lomror, L Livingstone, R Parag, R Tewatia, C Morris, J Unadkat, C Sakariya, M Rahman

Sunrisers Hyderabad XI:

J Roy, W Saha, P Garg, K Williamson, A Sharma, J Holder, A Samad, R Khan, B Kumar, S Sharma, S Kaul

  • RR 164/5 (20)

පළමුව පන්දුවට පහර දීමට පැමිණි රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සන්රයිසස් කන්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහු විසින් එවින් ලුවිස්ගේ කඩුල්ල දවා ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව 11ක්ව තිබියදීයි. බුවනේෂ්වර් යොමු කළ පළමු පන්දුවෙන්ම ලුවිස් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 56ක සබදතාවයක් ගොඩ නැගීමට යශස්වි ජයිස්වාල් හා නායක සංජු සැම්සන් සමත් වුණා.

ජයිස්වාල් ලකුණු 36(23)කට දැවී ගියා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගින්. ලියම් ලිවින්ග්ස්ටන් රැස් කළේ ලකුණු 4ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් යළිත් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 57කින් ලකුණු 82ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මහිපාල් ලම්රෝර් නොදැවී ලකුණු 29යි.

පන්දු යැවීමේ දී සිද්ධාර්ත් කොවුල් ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත්තා. සන්දීප් ෂර්මා, බුවනේෂ්වර් කුමාර් හා රෂිඩ් ඛාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

  • SRH 167/3 (18.3)

පිළිතුරු ඉනිම ආරම්භ කළ ජේසන් රෝයි හා ව්රිධිමන් සහා පළමු කඩුල්ලට ලකුණු 57ක් එක් කළා. ව්රිධිමන් සහා ලකුණු 18කට දැවී ගිය අතර, සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ රෝයි ලකුණු 60ක් ලබා ගත්තා. පන්දු 42කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

නායකත්වයේ වගකීම උපරිමයෙන්ම ඉටු කළ කේන් විලියම්සන් පන්දු 41කින් නොදැවී ලකුණු 51ක් රැස් කළා.(6×1, 4×5)

අභිෂේක් ෂර්මා නොදැවී ලකුණු 21යි.

ඒ අනුව ඔවුන් පන්දුවාර 18.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, මහිපාල් ලොම්රොර් හා චේතන් සකාරියා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...