ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා, කණ්ඩායමේ උපදේශක ලෙස නම් කෙරුණු හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද එක් වනු ඇති බව ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

Daily Mirror පුවත්පත වාර්තා කර ඇති පරිදි අරවින්ද ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ මේ වන විටත් ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බැවින්, මහේලට සංචිතය තේරීමේ කටයුතු සදහා කිසිදු මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවයි.

“නමුත්, ඔව්, අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්.” යනුවෙන් ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපතිවරයා කියා සිටියා.

“තරඟ උපාය මාර්ග සැකසීම සඳහා ඔහුගේ දැනුම හා ප්‍රවීණතාවය උපයෝගී කර ගන්නවා වගේම ඔහුට සංචාරයේදී තේරීම් කමිටු රැස්වීම්වලට සහභාගී වෙන්න පුලුවන්.”

ඒ අනුව කණ්ඩායම් තේරීමේ දී මහේලගේ අදහස් ද සලකා බැලෙනු ඇති.

මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින්නේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එරට දී පැවැත්වෙන බැවින්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද එරට දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, අයි.පී.එල් තරගාවලිය නිමා වීමෙන් පසුව ලබන 16 වනදා සිට 23 වනදා දක්වා මහේල, ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව කටයුතු කරනු ඇති.

අයි.පී.එල් තරගාවලියෙන් පසුව ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කළ යුතු බැවින් හා ඉදිරියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති බැවින් මහේලට දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග කටයුතු කිරීමට බලපෑම් නොකළ බවයි අරවින්ද ද සිල්වා මහතා පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...