හර්ෂාල් පටෙල්ගෙන් සුපිරි කඩුලු ත්‍රිත්වයක් (වීඩියෝ)

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පටෙල් අද(26) කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 39 වන තරගයේ දී යි.

තරගය ඩුබායි හී දී පැවැති අතර, බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිල කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

මුම්බායි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන්ගේ ඉනිමේ 17 වන පන්දුවාරයේ පළමු පන්දු 3 තුළදීම කඩුලු 3ක් පිට පිට දවා ගනිමින් හර්ෂාල් පටෙල් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ හර්ඩික් පාන්ඩ්යා, කිරන් පොලාඩ් හා රාහුල් චහාර්.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් තෙවැනි පන්දු යවන්නා ලෙසයි හර්ෂාල් පටෙල් වාර්තා අතරට එක් වුණේ.

හර්ෂාල් පටෙල් මෙම තරගයේ දී පන්දුවාර 3.1ක් යවා ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

මුම්බායි කණ්ඩායමට පන්දුවාර 18.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සතු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...