ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර එක්දින තරගාවලියක්

Date:

සීමිත පන්දුවාර තරගාවලියක් සදහා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන මාසයේ දී (ඔක්තෝබර්) මෙරට සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී බංග්ලාදේශය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන 7 වනදා දිවයිනට පැමිණෙන බවත්, සියලු තරග ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ක්‍රිකට් ආයතනය කියා සිටියා.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය (හෝ ක්‍රීඩාංගන) සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

“කාලයකට පස්සේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉදිරි තරගාවලිය අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම 2022 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායමේ නිවැරැදි සංයුතිය සොයා ගැනීම සදහාත් එය උපකාර වනවා” යනුවෙන් යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කළා.

මේ අතර, ඉදිරි තරගාවලි අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ දිනවල කොළඹ දී නේවාසික පුහුණු කදවුරකට ද එක්ව සිටිනවා.

ප්‍රධාන පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන ද, පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් උපුල් චන්දන ද, දග පන්දු පුහුණුකරු වශයෙන් සචිත් පතිරණ ද, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ ද, පිතිකරණ පුහුණුකරු වශයෙන් ධම්මික සුදර්ශන ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද යොවුන් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...