මැක්ස්වෙල් සහ කවාජා යළි එක්දින සංචිතයට කැදවයි

Date:

යෝජිත එංගලන්ත තරග සංචාරය අරමුණු කර ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

ඊට මෙතෙක් එක්දින වරම් හිමි කර ගෙන නොමැති Daniel Sams, Riley Meredith සහ Josh Philippe ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ ග්ලේන් මැක්ස්වෙල් ද සංචිතයට නම් කර ඇති බව සදහන්.

මෑතකදී සීමිත පන්දුවාර තරගවලින් ඉවත් කර සිටි උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඩ් ද මෙම සංචිතයේ ස්ථාන වෙන් කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියට එක් වූ පීටර් හැන්ඩ්ස්කොම්බ්, ශෝන් මාෂ් සහ නෙදන් කොල්ටර් නීල් මෙම සංචිතයට නම් කර නැහැ.

සැප්තැම්බර් මාසයේ දී සිදු කිරීමට යෝජිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සීමිත පන්දුවාර තරග කිහිපයක් ඇතුළත් වනු ඇති.

කෙසේ වෙතත්, ඊට අදාළ අවසන් එකගතාවයන්ට දෙරටේ ක්‍රිකට් ආයතන මෙතෙක් එළඹ නැහැ.

තරගාවලිය තහවුරු කිරීමෙන් පසුව මෙම මූලික සංචිතයෙන් අවසාන සංචිතය නම් කරනු ඇති.

Australia’s preliminary squad:

Sean Abbott, Ashton Agar, Alex Carey, Pat Cummins, Aaron Finch, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Glenn Maxwell, Ben McDermott, Riley Meredith, Michael Neser, Josh Philippe, Daniel Sams, D’Arcy Short, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Andrew Tye, Matthew Wade, David Warner, Adam Zampa.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...