ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියත් එක් ක්‍රීඩාංගනයකට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා උපුටා දක්වමින් Daily FT පුවත්පත වාර්තා කර ඇත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වනදා අවසන් වීමෙන් අනතුරුව කඩිනමින් මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද ඇතුළත් වන අතර, එය ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර (2021-23) යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

තරගාවලිය අවසන් වීමෙන් පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙක බැගින් වන තවත් ටෙස්ට් තරගාවලි 5කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවට හා පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි (තරග 2 බැගින් වන) ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ දී ම යි.

ඊට අමතරව බංග්ලාදේශයේ දී (තරග 2), නවසීලන්තයේ දී (තරග 2) හා ඉන්දියාවේ දී (තරග 2) ද ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින්ට යළි ජාතික කණ්ඩායම හා එක්වීමට එළඹෙන කොදෙව් තරගාවලියේ සිට අවස්ථාව උදා වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...