ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සමගින් එවරස්ට් ප්‍රිමියර් ලීගය ඇරඹේ

Date:

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය අද(25) ආරම්භ වුණා.

නේපාලයේ Kirtipur හීදී තරගාවලිය ආරම්භ වූ අතර, පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ කත්මණ්ඩු කිංග්ස් ඉලවන් (Kathmandu Kings XI) කණ්ඩායම හා ලලිත්පුර් පැට්‍රියෝට්ස් (Lalitpur Patriots) කණ්ඩායම අතරයි.

තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.

මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්ව සිටින්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.

Lalitpur Patriots සංචිතය සදහා ඕෂද ප්‍රනාන්දු හා සදුන් වීරක්කොඩි ඇතුළත්.

උපුල් තරංග හා ධම්මික ප්‍රසාද් Bhairahawa Gladiators කණ්ඩායමත්, සහන් ආරච්චිගේ හා අසේල ගුණරත්න Pakhara Rhinos කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතයි.

සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන්නේ Chitwan Tigers කණ්ඩායමයි.

Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් එළඹෙන ඕමාන තරග සංචාරයට හා 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිතව ඇති බැවින් EPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

EPL තරගාවලිය ඩයලොග් TV හි නාලිකා අංක 72 (1sports) ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...