පාකිස්තානයට බෑ කීවත් ඉන්දියාවටනම් ඔවුන් බෑ කියන්නේ නෑ : කවාජාගෙන් දැඩි වාග් ප්‍රහාරයක්

Date:

නවසීලන්ත හා එංගලන්ත ක්‍රිකට් ආයතන විසින් සිය ජාතික කණ්ඩායම් සදහා යෙදී තිබූ පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.

පාකිස්තානයේ උපත ලැබූ ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජා පෙන්වා දෙන්නේ අදාළ සංචාර ඉන්දියාව වෙත යෙදී තිබුණේ නම් එම රටවල් කිසිසේත්ම අදාළ සංචාර අවලංගු නොකරනු ඇති බවයි.

නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය පළමු එක්දින තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අවලංගු කර පාකිස්තානයෙන් පිටව ගියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පවසමින්. අනතුරුව එංගලන්තය ද ඉදිරියේ දී සිදු කිරීමට නියමිත පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට කටයුතු කළා.

“මම හිතන්නේ ක්‍රීඩකයින්ට හා සංවිධායකයන්ට කියන්න ගොඩක් පහසුයි පාකිස්තානයට බැහැ කියලා, මොකද එය පාකිස්තානය නිසා” යනුවෙන් කවාජා සදහන් කළා.

“එය බංග්ලාදේශය වුණානම් ඒත් ඒ දෙයම සිදු වේවි”

“නමුත් මෙවැනි තත්ත්වයත් තිබුණත් කිසිවෙකුත් ඉන්දියාවටනම් බැහැ කියන එකක් නැහැ.”

වාණිජ තත්ත්වය හේතුවෙන් එලෙස ඉන්දීය සංචාර අවලංගු කිරීමට කිසිවෙකුත් නොපෙළඹෙන බව ඔහුගේ අදහසයි.

ලබන වසර මුලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට ඔස්‍ට්‍රේලියාවට ද නියමිතව ඇති අතර, උස්මාන් කවාජා සදහන් කර සිටියේ තමන්ට පාකිස්තාන තරග සංචාරයක නිරත වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...