චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඊයේ(24) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඔවුන් ලැබූ ජයත් සමගයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායම තරග 9කදී ජයග්‍රහන 7ක් වාර්තා කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්.

මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වන විට දෙවැනි ස්ථානයට පත්ව ඇති නමුත්, ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 14ක් හිමිව තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තවදුරටත් තෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 10කට හිමිකම් කියමින්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...